Tuesday, August 31, 2010

ප්‍රේමය

"ප්‍රේමය නම් අසනිය කුසුමක්වේ
රිසි වූ කෙනෙකුට පූජා කෙරුමට
ලෝභ සිතින් තොර පිදුව මනාවේ
පෙරලා ලබනට නොසිතා බිදකුදු"

                                            -එදිරිවීර සරච්චන්ද්‍ර-

Thursday, August 26, 2010

ආදරය

බොහෝ අය පෙම් සබඳතා පවත්වාගෙන යන්නේ
එම සබඳතාව ගිලිහි ගිය පසු තම සිතට දැනෙන දුක දරාගන්නට අපහසු නිසාය.
එසේත් නැතිනම් තවත් කෙනෙකුට වු පොරොන්දුවක්  අහේතුකව කඩකරන්නට අපහසු නිසාය. ඒසේත් නැතිනම් එම සබඳතාව නිසා තම සිතට දැනෙන සතුට, සුවයට ලොබ බදින නිසාය. 
එම පෙම් සබඳතාව බිදි ගියදාට මේ සියල්ල නැතිවේ යයි තම සිතට දැනෙන අනියත බිය නිසාය.
ඒත් මෙවන් අයකු ලඟ ආදරයක් නැත. 
සැබෑ ආදරය ගඟක් වැනිය. 
එය නිරන්තරයෙන ගලා යයි.
එය ඇරඹුණු තැනක් මෙන්ම නිමාවන තැනක්ද සෙවිය නොහැකිය. 
එය අතිශයින්ම විවෘතය, පවිත්‍රය. 
ආදරවන්තයන් මිය ගියද, දුරස් වුවද, ආදරය සැමදාමත් නොසන් සිදි පවතියි.
                                                               

                                                                                         -ඕසෝ-
                                                                                       (දාර්ශනික)

Wednesday, August 25, 2010

නිහතමානි බව


ඔබත් සඳුන් ගසක් මෙන් වැඩිය යුතුය.
පළමුව ගස තෙමේම ශක්තිමත්ව
වර්ධනය විය යුතුය. ඉන් අනතුරුව 
සියලුම අයට රැකවරණය, ආරක්ෂාව,
ආහාර ලබා ගැනීමට හා සෙවන ලබා
ගැනීමට පහසුව ලබා දිය යුතුය.

ඵල බරින් යුක්ත වූ ගස් නිහතමානීව
තම අතු පහත් කරගෙන සිටී. වැහිබර
වූ වලාකුළු පොලවට සමීප වෙති. ධනය,
බලය හා උගත් කම ඇති උතුම් මනුෂයෝ
අන් අය සමඟ සහයෝගි වෙති. සේවා ලැදි 
මිනසිකත්වයක් ඇති උතුම් මිනිසුන්ගේ
ස්වභාවය මෙයයි.

උගත්ක, ධනය, බලය ලැබෙත්ම
උතුම් මිනිස්සු පල බරවු ගසක් මෙන් 
නිහතමානී වෙති. ඇතුළත හිස් උණ ගස්
අහසට හිස දල්වා ගෙන සිටින අතර
පිරුණු ඇට වලින් බර වී කරල් පොළවට 
තම හිස පහත් කරති. වැහි වලාකුළුත් 
මිනිසාට සේවය කිරීමට පොළවට සමීපයි.
සෑම අයකුම මෙම සොබා දහමෙන් 
ගස් වලින්, වළාකුළු වලින් පාඩමක් උගත යුතුය.
තමා ධනයෙන්, උගත්  කමින් ශක්තිමත් 
වූ කල්හි අන් අයට උදවු කල යුතුය.

උපේක්ෂාව

සියළු දෙයෙහි ඇති හිස්බව යමකු හඳුනාගත් කල 
හේ කිසිදු ලෞකික ධර්මතාවයකින් මුලානොවන්නේය.
මක් නිසාද යත් ඒවා මත ඔහු ජීවත් නොවන බැවිනි.
යමක් ලද කල්හි ඉන් උද්ධාමයට පත් නොවන ඔහු 
නොලද කල්හි කනස්සල්ලයටද පත් නොවන්නේය.
කීර්තිය ඔහු තුළ ආඩම්බරය ඇතිනොකරවයි.
අපකීර්තිය තුළ ඔහු පීඩාවටද පත් නොවෙයි.
දොස් ඇසීමෙන් ඔහුව නොකැළබෙන්නා සේම
ප්‍රසංසාවෙන් දිනාගතද නොහැකිවේ.
සතුට කෙරෙහි ආකර්ෂණය වීමක්ද
වේදනාවෙන් පලායාමක්ද ඔහු තුළ නොවේ.
මෙසේ සියල්ලෙහි හිස් බව පසක් කල තැනැත්තාට
ඇළුම් කරන දේ හා ඇළුම් නොකරන දේ යයි දෙකක් නොමැත.
මන්ද ඒ සියල්ල තුල හිස් බව ඔහු දක්නා බැව්නි.